Nishan Neth News

හජ් උත්සවය අදයි – රට පුරා විශේෂ පොලිස් ආරක්‍ෂාවක්

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවයයි මෙලෙස අදට යෙදී ඇත්තේ. මේ අතර හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට … හජ් උත්සවය අදයි – රට පුරා විශේෂ පොලිස් ආරක්‍ෂාවක්

පස්වන සහ හය වන සමාලෝචනයට IMF අනුමැතිය

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ රැස් වු අවස්ථාවේදීයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවිමට නියමිතව තිබෙනවා. විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය … පස්වන සහ හය වන සමාලෝචනයට IMF අනුමැතිය

ප්‍රකට නළුවාට නිළියක ඈඳා AI තාක්ෂණයෙන් මඩගැසූ ප්‍රකට යූටියුබ්කරු අත්අඩංගුවට

ඉහළ ජනප්‍රසාදයක් දිනාගෙන සිටින දකුණු කොරියානු රංගන ශිල්පියෙකු වන Kim Soo-hyunට AI තාක්ෂණය යොදාගගෙන අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යූටියුබ් නිර්මාණකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘Hover Lab’ නමැති යූටියුබ් නාලිකාව මෙහෙයවන Kim Se-ui නැමැති යූටියුබ් නිර්මාණකරුවායි. දකුණූ කොරියනු මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ නියෝග මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කොරියානු රංගන ශිල්පිණියක … ප්‍රකට නළුවාට නිළියක ඈඳා AI තාක්ෂණයෙන් මඩගැසූ ප්‍රකට යූටියුබ්කරු අත්අඩංගුවට

බන්ධනාගාර ගත මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු සමග සබඳතා පැවැත් වූ සිද්ධියකට මන්ත්‍රී මුජිබුර් CIDයට කැදවයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධතාව පැවැත්වූ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මෙලෙස සම්බන්ධතා පවත්වා ඇතැයි සැක කෙරෙන්නේ මේ වන විට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලද පුද්ගලයකු සමඟයි. බන්ධනාගාරගත මෙම රැඳවුවා සන්තකයේ තිබූ ජංගම දුරකථනයක් මීට පෙර සොයාගනු ලැබ තිබුණා. දත්ත පරීක්ෂා … බන්ධනාගාර ගත මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු සමග සබඳතා පැවැත් වූ සිද්ධියකට මන්ත්‍රී මුජිබුර් CIDයට කැදවයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අනතුරක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරීගම හා අඹේපුස්ස අතරදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක, දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තුවලට අදාල කටයුතු කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන්. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ;

ආණ්ඩුව කන්න එපා – කට වරද්ද ගන්න අයට ජනපති සැරටම අමතයි

ආන්දෝලාත්මක සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ උපදෙසක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ, එවැනි සිද්ධින් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී වඩාත් සැලැකිලිමත් වන ලෙසට බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඇතුළත් නෙත් නිවුන් කනින් කොනින් ඇසුණු කතා විශේෂංගය පහතින්.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්

  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යවරියගේ … අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

  වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්. අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පිරිසකගේ පොලිසිය භාරයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා සැකකාර පොලිස් නිලධාරියා විසින් අල්ලස් ඉල්ලා ඇතැයි කියවෙනවා. ඔහු විසින් එලෙස ඉල්ලා ඇතැයි කියන අල්ලස් … වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

වෙඩි තැබීමක් සිදුව ඇති බවට ආ දුරකථන ඇමතුමක් ගැන පොලිස් විමර්ශන

දැඩිගමුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට නවගමුව පොලීසිය වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි වාර්තා වුණේ. අදාළ ස්ථානයේ සිදුකළ පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ එවැනි වෙඩි තැබීමක් සිදුව නොමැති බවයි. අදාල දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.