Nishan Neth News

වෙළද සැලක ජීවත් වූ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ

හැටන්, දික්ඔය නගරයේ වෙළදසැලක් තුල ජීවත් වූ අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි එස්.කාලිමුත්තු සත්තිවේල් සහ 82 හැවිරිදි සගුන්තලාදේවි නැමති ඔහුගේ බිරිද බවයි පොලීසිය පැවසුවේ. ඝාතනයට ලක් වූ අඹූසැමි යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බවට අනාවරණ වී තිබෙනවා. ඝාතනයට ලක් වූ අඹුසැමි යුවල කාලයක් තිස්සේ … වෙළද සැලක ජීවත් වූ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ

ICC නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 6වන තැන

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙන අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119ක්. දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු 104 ක් ලබාගනිමින්. මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව … ICC නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 6වන තැන

වැසි තත්ත්වය තවදුරටත් – පහත් බිම්වල ජනතාවටත් විශේෂ දැනුම්දීමක්

ඊයේ දිනයේ සිට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එමෙන්ම ඇතැම් මාර්ගවල ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. ඒ, මාර්ග ජලයෙන් යටවීම සහ මාර්ග මතට ගස් කඩාවැටීම හේතුවෙන්. ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත මහරෝහලේද කොටසක් ජලයෙන් යටවී … වැසි තත්ත්වය තවදුරටත් – පහත් බිම්වල ජනතාවටත් විශේෂ දැනුම්දීමක්

හලාවත මහරෝහලේ කොටසක් ජලයෙන් යට වෙයි

ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත මහරෝහලේද කොටසක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ අනුව එම රෝහලේ වාට්ටු තුනක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කළේ. මේ අතර ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත සහ අවට ප්‍රදේශවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව හලාවත ප්‍රදේශ කිහිපයක මාර්ගමතට ගස් කඩා ඇති … හලාවත මහරෝහලේ කොටසක් ජලයෙන් යට වෙයි

පාකිස්ථානයට ඉන්දියාවෙන් චෝදනාවක්

පාකිස්ථානය විසින් කලාපය අස්ථාවර කිරීම සඳහා ත්‍රස්තවාදය මෙවලමක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ඉන්දියාව චෝදනා කර තිබේ. සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ වාර්ෂික විවෘත විවාදයේදී අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත තානාපති හරීෂ් පර්වතනෙනි, ඇෆ්ගන් සිවිල් වැසියන්ට එරෙහිව දේශසීමා හරහා ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම … පාකිස්ථානයට ඉන්දියාවෙන් චෝදනාවක්

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම දුම්රිය මාර්ගයේ වලහපිටිය දුම්රිය ස්ථානය අසලදී එම මාර්ගය මතට ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම මාර්ගය මතට ගස කඩා වැටීම හේතුවෙන් ධාවනය වූ දුම්රියක ඉදිරිපසට ද හානි සිදුව තිබෙනවා. මාර්ගය මතට කඩා වැටුණු එම ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන … පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මහවැසි නිසා කටුනායකට ආ ගුවන් යානා 9 ක් හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලු‍යම් කාලයේ පැවති අධික වැසි හේතුවෙන් , ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් … මහවැසි නිසා කටුනායකට ආ ගුවන් යානා 9 ක් හරවා යවයි

කැළණි, කළු, අත්තනගලු සහ මහඔයේ ජලමට්ටම ඉහළට – ජනතාවටත් දැනුම් දීමක්

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් කැළණි, කළු මෙන්ම අත්තනගලු ඔය සහ මහඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ අත්තනගලු‍ ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි. මේ හේතුවෙන් ගම්පහ, කටාන, වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද ඔහු පැවසුවා.

කිරිදිවැලට මහ වැස්සක් – ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසකට ඉතා තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් … කිරිදිවැලට මහ වැස්සක් – ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසකට ඉතා තද වැසි