Nishan Neth News

වාහන හාරදහසකට LC විවෘත කළාද? මන්ත්‍රී චාමරගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් උත්තර

වාහන හාරදහසකට ණයවර ලිපි විවෘත කර ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනයේදී පනවන රේගු බද්දට අධිභාරයක් පැනවීමට රජය තීරණය කළ බවයි. පසුගිය 15 වනදා … වාහන හාරදහසකට LC විවෘත කළාද? මන්ත්‍රී චාමරගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් උත්තර

නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර

  රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහනක් තබමින් පවසනවා. ඔහු මේ සටහන තබා ඇත්තේ පිල්ලෙයාන් මහතාව බැලීමට ගියා යැයි … නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර

යතුරු පැදියකින් මතු වූ හෙරොයින්

යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හෝමාගම, කටුවාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 125 මිලිග්‍රෑම් 800 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සදහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ආරක්ෂක ඇමතිට යොමු කළ අමුතුම ලියුම

  ආයුබෝවන්ට ආරක්සක ඇමතිතුමා, මේ රට රාජ්ජ වල යුද්ධ අස්සේ ඕං මුන්දැලත් වද දෙනවා කියලා විස්සෝප වෙන්ට කාරිනෑ. අපේ හීං එකා ඒරොප්පේ යන්ට තනනවා නෙව. ඒකාට වගාවක් කරගෙන ගමට වෙලා ඉන්ට බැහැයි කියනවා. ඉතිං පහුගිය දොහේම කොළඹ ඔන්න ඔය ඔෆිසි⁣වල මහත්තැන්ලා හම්බ වෙන්ටත් ගියා. ඒ මහත්තැන්ලා කිව්වාලු ඕං පොලෝසියේ රිපෝට් එකක් අරන් එන්ට කියලා . … ආරක්ෂක ඇමතිට යොමු කළ අමුතුම ලියුම

එක්සත් රාජධානියට ගිය හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයක

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති “2026 OSGA වාර්ෂික දේශනය” (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුණා. එහිදී අග්‍රාමාත්‍යවරිය “සංවර්ධනයේ දේශපාලනය, ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ විශේෂ දේශනයක් සිදු කළා. කාලීන ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා … එක්සත් රාජධානියට ගිය හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයක

දැඩි රැකවල් මැද සුරේෂ් සලේ අද අරන් ගිය තැන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එතෙක් සැකකාර සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියම කරනු ලැබුවා. දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ … දැඩි රැකවල් මැද සුරේෂ් සලේ අද අරන් ගිය තැන

මෙරට ඉන්ධන පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

මෙරට ඉන්ධන පරිභෝජනය මෙම මාසයේදී සැලකිය තුල ලෙස පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ ඩීසල් මෙන්ම පෙට්‍රල් පරිභෝජනයද එලෙස පහළ ගොස් ඇති බවයි.   ;

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

වෙළඳ, ආරක්ෂක සහ බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැයි 23 වනදා සිට දින හතරක ඉන්දීය සංචාරයක නිරත වනු ඇත. එහිදී ඔහු කොල්කටා, අග්‍රා, ජායිපූර් සහ නව දිල්ලි යන නගරවල සංචාරය කිරීමට නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. රාජ්‍ය ලේකම්වරයා එහිදී ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත … අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

සැවොම බලා සිටියදී මන්ත්‍රී චාමර සම්පත්ට මැතිසබයේ දී අද වුණ දේ

  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට යාමේදී ඇතිවූ වාද විවාද හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී උණුසුම් තත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කරන ලෙසයි කතානායකවරයා නියෝග කළේ.