Nishan Neth News

අමෙරිකානු ඩොලරයේ අගය තවත් ඉහළට

  රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක අගය අද 340 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශ කල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඩොලරයක ගැණුම් මිල අද වාර්තා වුණේ රුපියල් 332.08 ක් ලෙසයි. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන්ව තිබුණා

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයන් ගැන අධිකරණය අද දුන් නියෝගය

  අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීමට ඉදිරිපත් වූ බව කියන ව්‍යජ ඇපකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ … කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයන් ගැන අධිකරණය අද දුන් නියෝගය

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් නිවේදනයක්

කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්ත නාරායන මහතා පවසනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ එවැනි කිසිදු ක්‍රියාවක් සිය රෝහලේදී සිදු නොවන බවයි. රෝහල් අධ්‍යක්ෂ වශයෙන් තමන් වගකීමෙන් යුතුවන් එය ප්‍රකාශ කරන බවත් ඒ සඳහා … කාසල් වීදියේ කාන්තා රෝහලෙන් නිවේදනයක්

අමෙරිකානු හමුදා නයිජීරියාවටත් බහීයි – IS ඉලක්ක රැසක් වනසමින් දරුණූ ප්‍රහාර

අමෙරිකානු හමුදා නයිජීරියාවටත් බහීයි – IS ඉලක්ක රැසක් වනසමින් දරුණූ ප්‍රහාර අමෙරිකානු සහ නයිජීරියානු ඒකාබද්ධ හමුදා මෙහෙයුමකින් අයි.එස්.අයි.එල්. (ISIL) ත්‍රස්තවාදීන් 175 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. අයි.එස්.යි.එල්. (ISIL) ත්‍රස්තවාදීන් සක්‍රීයව සිටින්නේ නයිජීරියාවේ ඊසානදිග කලාපයේයි. ඔවුන් අඩපන කිරීම සදහා නයිජීරියානු හමුදා සමග ඒකාබද්ධව ඇමරිකානු අප්‍රිකානු බලකාය, එනම් ඇෆ්රිකොම් (AFRICOM) සංවිධානය මෙම ප්‍රහාර සිදුකළා. ප්‍රහාරයෙන් අයි.එස්.අයි.එල්. (ISIL) ත්‍රස්ථ … අමෙරිකානු හමුදා නයිජීරියාවටත් බහීයි – IS ඉලක්ක රැසක් වනසමින් දරුණූ ප්‍රහාර

රුසියානු – චීන ජනපතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක

රුසියාව සහ චීනය අතර පවතින්නේ ඉතා ශක්තිමත් මෙන්ම අසමසම මිතුදමක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පැවසුවේ චීනයේ බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි. දෙරට අතර සබඳතා අන් කිසිදු කලෙකට වඩා දැන් ඉහළ මට්ටමක පවතින බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය … රුසියානු – චීන ජනපතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක

ගල්ෆ් රටවලින් පාකිස්ථානුවන් ලක්ෂයක් පිටුවහල් කරයි

පසුගිය වසර පහක කාලය තුළ ගල්ෆ් කලාපයේ විවිධ රටවලින් පකිස්ථානුවන් 164,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද නිල දත්ත වලට අනුව අනාවරණ වී තිබේ. එහිදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සභාවට දැනුම් දුන්නේ පුද්ගලයන් 108,029 දෙනෙකු පිටුවහල් කරමින් සෞදි අරාබිය එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින බවයි. ඉන් අනතුරුව පිළිවෙලින් එක්සත් අරාබි … ගල්ෆ් රටවලින් පාකිස්ථානුවන් ලක්ෂයක් පිටුවහල් කරයි

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි සේවකයන් 09 දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි රියැදුරන් 08 දෙනෙකු හා කොන්දොස්තරවරයෙකු කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් ඒකාබද්ධව සිදු කල පරීක්ෂා කිරීමේ මෙහෙයුමකදීයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම … විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි සේවකයන් 09 දෙනෙකු අත්අඩංගුවට

චීන ජාතිකයෙකුට කිසිදිනෙක තායිලන්තයට ඇතුළු වීම තහනම් කෙරේ

මධ්‍යම සමුත් ප්‍රාකන් (Samut Prakan) පළාතේ පිහිටි තායිලන්තයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළක ස්වයංක්‍රීය වීදුරු දොරටුවකට හානි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, චීන ජාතිකයෙකුට නැවත කිසිදිනක තායිලන්තයට පැමිණීම ස්ථිරවම තහනම් කර තිබේ. 30 හැවිරිදි මෙම පුද්ගලයා ගුවන් තොටුපළේ ආගමන විගමන අංශයේ ඇති ස්වයංක්‍රීය දොරටුව භාවිතා කිරීමේදී ලබා දී තිබූ උපදෙස් පිළිපැදීමට අපොහොසත් වී ඇති බව … චීන ජාතිකයෙකුට කිසිදිනෙක තායිලන්තයට ඇතුළු වීම තහනම් කෙරේ

ගාල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේසිද්ධියකට ගෑවුනු දෙදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින්. සැකකරුවන් අවුරුදු 37 හා 46 වයස්වල පසුවන වරකාපොල හා මල්කඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. පසුගිය 12 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ගාල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබුණා. … ගාල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේසිද්ධියකට ගෑවුනු දෙදෙනෙකු අත්අඩංගුවට