Nishan Neth News

සජිත් දෙහිවල පොලිසියට

තරුණ ක්‍රියාකාරිකයකු වන අශාන් කෝට්ටෙවත්ත දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ සුවදුක් විමසීම සදහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා පැවසුවේ අනීතිකව ලෙස අත්අඩංගුවට ගත් අශාන් කෝට්ටෙවත්ත වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉටු කරන බවයි.  

බැදුම්කර ගණුදෙණුව ගැන එල්ල වන චෝදනාවලට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් උත්තර දෙයි

මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිදුකළ ආයෝජන සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සහ තවත් පාර්ශවවලින් එල්ල වන චෝදනා එම ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉකුත් අප්‍රේල් 9වනදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිදුකළ ආයෝජන සම්බන්ධයෙනුයි ඇතැම් අය මෙලෙස චෝදනා නගන්නේ. මේ පිළිබද කරණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති … බැදුම්කර ගණුදෙණුව ගැන එල්ල වන චෝදනාවලට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් උත්තර දෙයි

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි අධිකරණයට – නඩු විභාගයටත් දින නියම වෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගයට අවශ්‍ය කරන සියලු‍ ලේඛන සති දෙකක් … හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි අධිකරණයට – නඩු විභාගයටත් දින නියම වෙයි

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නව ගාලු‍ පාර කොරලවැල්ල ප්‍රදේශයේදීයි. පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා. සැකකරු කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ. ඔහු සතුව තිබී කේරළ ගංජා … කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

මාලදිවයින ජනපති දිවයිනෙන් පිටව යයි

මාලදිවයින ජනාධිපති මොහොමද් මුයිසු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව ගියා. මාලේ නුවර බලා මාලදිවයින ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මාලදිවයින ජනාධිපතිවරයා, ඔහුගේ බිරිද ඇතුළ දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙරට සංචාරයේ නිරත වුණා. මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනේ රැදි සිටි කාලය තුළ ජනාධිපති … මාලදිවයින ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරානයට ආයුද දුන් චීනයට චෝදනාවක්

එක්සත් ජනපද සම්බාධක පවතිනවා වුවද, චීන සමාගම් ඩ්‍රෝන යානා සම්බන්ධ කොටස් සහ අනෙකුත් ද්විත්ව භාවිත භාණ්ඩ ඉරානයට සහ රුසියාවට අඛණ්ඩව සපයන බව Wall Street Journal පුවත්පත වාර්තා කළේය. රේගු දත්ත, හිටපු එක්සත් ජනපද නිලධාරීන් සහ අවි ආයුධ විශ්ලේෂකයින් උපුටා දක්වමින් මෙම වාර්තාව සකසා ඇත. කුඩා චීන සමාගම් විසින් මිලිටරි ඩ්‍රෝන සඳහා භාවිතා කළ හැකි එන්ජින්, … ඉරානයට ආයුද දුන් චීනයට චෝදනාවක්

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹෙයි

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද පෙරවරුවේ ආරම්භ වුණා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ පස්වරු තුන දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදුකරන බවයි. 2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි … විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹෙයි

ට්‍රම්ප්ගේ නව තීරණයක් නිසා ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළට

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන ‘Project Freedom’ නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ. ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතියත් පාකිස්ථානය ඇතුළු අනෙකුත් … ට්‍රම්ප්ගේ නව තීරණයක් නිසා ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකාවේ ආර්ථිකයට ඉන්දියාවෙන් තල්ලුවක්

ඉන්දියාවේ සිට එක්සත් ජනපදය වෙත ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 16.4ක් වූ අතර, එමගින් රැකියා 70,800කට පමණ සහාය ලැබුණු බව ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මේරිලන්ඩ් හි නැෂනල් හාබර් හි පැවති SelectUSA ආයෝජන සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ CII ඉන්දියා පිළිගැනීමේ උත්සවයක් අමතමින්, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය උප … අමෙරිකාවේ ආර්ථිකයට ඉන්දියාවෙන් තල්ලුවක්