Nishan Neth News

ඉන්දීය හමුදාවේ වීරත්වයට අගමැතිගෙන් උපහාර

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද මිලිටරි මෙහෙයුමේ සංවත්සරය නිමිත්තෙන්, ඉන්දීය සන්නද්ධ හමුදාවල ධෛර්යය සහ වීරත්වයට උපහාරයක් ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා සිය X සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රදර්ශන රූපය (DP) ‘ඔපරේෂන් සින්දූර්’ (Operation Sindoor) ලෙස වෙනස් කළේය. ජීවිත 26ක් බිලිගත් පැල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ‘ඔපරේෂන් සින්දූර්’ දියත් කරන ලද අතර, එය ඉන්දියාවෙන් එල්ල … ඉන්දීය හමුදාවේ වීරත්වයට අගමැතිගෙන් උපහාර

වැසි තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම නිවේදනය

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර … වැසි තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම නිවේදනය

තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 06ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම ගැන CID පරීක්ෂණයක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකාවේ තැපැල් සේවයට සිදු කරන ලද අමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසි හයදාස් පන්සිය පනස් පහක මුදල් ගෙවීමක් තෙවන පාර්ශවයක් වෙත බැර වීම පිළිබඳ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එම සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් … තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 06ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම ගැන CID පරීක්ෂණයක්

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ පුද්ගලයින් දෙදෙනෙකු රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට … කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ පුද්ගලයින් දෙදෙනෙකු රිමාන්ඩ්

ලිට්‍රෝ වැඩි නොවුනාට ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දැමූ බවයි එම සමාගම පැවසුවේ. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,245ක් වනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500ක් වන බවයි ලාෆ්ස් … ලිට්‍රෝ වැඩි නොවුනාට ලාෆ්ස් ගෑස් මිල ඉහළට

විවෘත කිරීමට නියමිත මත්පැන්හලකට එරෙහිව උද්ඝෝෂණයක්

නෝර්වුඩ් නගරයේ විවෘත කිරිමට සැලසුම් කර තිබු මත්පැන් හලකට විරෝධය පාමින් වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, එම මත්පැන්හල විවෘත කිරිමට සුදානම් කර තිබු ගොඩනැගිල්ල ඉදිරිපිට කළුකොඩි ඔසවමින්. නෝර්වුඩ් නගරයේද කළු කොඩි ඔසවා සියලුම වෙළදසැල් වසා දමා ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. නෝර්වුඩ් නගරයේ දැනට මත්පැන්හල් තුනක් පවතිනවා. … විවෘත කිරීමට නියමිත මත්පැන්හලකට එරෙහිව උද්ඝෝෂණයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාභ සහ පාඩු ගැන අනාවරණයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබද අදත් විවිධ අදහස් පළ වුණා. ඒ පාර්ලිමේන්තුව පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීයි. එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති ලාබ සහ පාඩු සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන් හතර දෙනකුගේ දඬුවම් තහවුරු කරයි – තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමට නියෝග

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන්  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර  දෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා. අදාල දඩුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ  … විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන් හතර දෙනකුගේ දඬුවම් තහවුරු කරයි – තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමට නියෝග

රට යවන්න ජනතාවගෙන් මුදල් ගැරූ හොර දොස්තරට වැඩවරදී

විදෙස් රැකියා ලබාදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී වෙද නළාවක් ද සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ … රට යවන්න ජනතාවගෙන් මුදල් ගැරූ හොර දොස්තරට වැඩවරදී