Nishan Neth News

පස් සහ ගල් පෙරළීම නිසා කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව – ගනේතැන්න කොටස තාවකාලිකව වැසේ

කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව –  ගනේතැන්න කොටස  තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන්. ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබෙනවා. ඒ අනුව හෙට (11) උදෑසන 6 දක්වා මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.  

සංඥා පද්ධතියේ බිදවැටීමක් නිසා දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

නිශාන්ත රණතුංග අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. සිදු කරන ලද විමර්ශනයකට අදාළව නිශාන්ත රණතුංග මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාල ගල් අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම

මෑතකදී බාල ගල් අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. බාල ගල් අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් වෙත පැටවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ … බාල ගල් අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම

නොච්චියාගම මනුෂ්‍ය ඝාතනයකට ගෑවුණු මීගමුවේ පුද්ගලයෙක් අත්අඩංගුවට

නොච්චියාගම ප්‍රදේශයේදි සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරනු ලබනවා.

සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට දින දෙයි

මේ වන විට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය  සරණ ගුණවර්ධන මහතාව දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාදීකරණය දින නියම කළා. මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු … සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට දින දෙයි

ගම්පහ ඔස්මන්ගේ පෙත්සමක් කැඳවයි

ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ”ගම්පහ ඔස්මන්” සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේ ද ? යන කරුණු පිළිබඳව විමර්ශන අවසානයේදී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු … ගම්පහ ඔස්මන්ගේ පෙත්සමක් කැඳවයි

හිරුණිකාගේ අභියාචනය හෙට දින කැඳවීමට නියම වෙයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් බැවින් එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලෙස … හිරුණිකාගේ අභියාචනය හෙට දින කැඳවීමට නියම වෙයි

අනුරපුර භික්‍ෂු සත්‍යග්‍රයට මුස්ලිම් සහෝදරයෙක් එක්වෙයි

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව සිව්වන දිනටත් මේ වනවිට පැවැත්වෙනවා. එම ස්ථානයට ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. ඔහු පැමිණ තිබුණේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි එම ස්ථානයෙන් බැහැරට වැඩම කර සිටි අවස්ථාවකදීයි. බැහැරට වැඩම … අනුරපුර භික්‍ෂු සත්‍යග්‍රයට මුස්ලිම් සහෝදරයෙක් එක්වෙයි