Nishan Neth News

ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා විසින්. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වග උත්තර … ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ කැඳවීමකට අනුවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස කැදවා ඇති බවයි වාර්තා වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය … හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට

මුව ප්‍රහාරයකට ලක්ව බන්ධනාගාර රැදවියෙකු ජීවිතක්‍ෂයට

වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්තාපනය වෙමින් සිටි රැඳවියෙකු මුවෙකු ඇණීම හේතුවෙන් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම කදවුර භූමියේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී සිටි අවස්ථාවේ කදවුරු භූමියේ නිදැල්ලේ සිටි මුවෙකු එලෙස රැදවියාට ඇණ ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ රැදවියා දෙඹරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 30 ක් වන ඔහු වරපලාන ප්‍රදේශයේ … මුව ප්‍රහාරයකට ලක්ව බන්ධනාගාර රැදවියෙකු ජීවිතක්‍ෂයට

පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමු පන්දු අතට ගනී

පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදීම සදහා සත්කාරක පාකිස්ථාන කණ්ඩායම පෙරවරු 10.00 ට පිටියට පිවිසීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩිහිදිීයි. පාකිස්ථානයේ තණකොළ සහිත තණතීරු මත දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් … පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමු පන්දු අතට ගනී

එල් නිනෝ ලැව්ගිනි අතරතුර ඉන්දුනීසියාවෙ තවත් හෙලිකොප්ටර් අනතුරක්

දකුණු කාලිමන්තාන්හි ලැව්ගිනි මර්දනය කිරීමේ මෙහෙයුමක නිරත වූ හෙලිකොප්ටර් යානයක් ගංගාවකට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ නියෝජිතායතනය පැවසුවේ යානයේ සිටි අනෙක් දෙදෙනා වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතිකයන් දෙදෙනා ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි. අනතුර සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, ලැව්ගිනි නිවීමේ මෙහෙයුම් දිගටම පවත්වාගෙන යන බවත් එම නියෝජිතායතනය … එල් නිනෝ ලැව්ගිනි අතරතුර ඉන්දුනීසියාවෙ තවත් හෙලිකොප්ටර් අනතුරක්

ගාසා තීරයේ මහා ගංවතුරක් – ගොඩනැගිලි 2,000ක් කඩා වැටීමේ අවදානමක

ඇදහැලෙන මහ වැසි ගාසා තීරයේ දරුණු ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. මහ වැසි සමග ඇතිවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ළමයින් සිව්දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පැවසුවේ. මධ්‍යම ගාසා තීරයේ ඩෙයිර් අල්-බලා ප්‍රදේශයේ පවතින වැලි බැම්මක් කඩා වැටීමෙන්, අවතැන් පිරිස් රැඳී සිටි කූඩාරම් ගණනාවක් පස්වලට යටවී තිබෙනවා. මේ … ගාසා තීරයේ මහා ගංවතුරක් – ගොඩනැගිලි 2,000ක් කඩා වැටීමේ අවදානමක

දකුණු ආසියානු පාපන්දු ශුරතා තරගාවලියේ ශ්‍රී ලංකා – භූතාන තරගය ජය පරාජයෙන් තොරව අවසන්

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර ඊයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ අවසන් ලකුණු සටහන කියවුණේ ගෝල 2ට 2ක් ලෙසයි. රටවල් හයක සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී මෙම තරගාවලිය පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගි වූ පළමුව තරඟයයි භූතානය සමග ඊයේ පැවැත්වුණේ. තරගයේ පළමු ගෝලය ලබා ගත්තේ භූතානයයි. කෙසේ වෙතත් 35වන විනාඩියේදී … දකුණු ආසියානු පාපන්දු ශුරතා තරගාවලියේ ශ්‍රී ලංකා – භූතාන තරගය ජය පරාජයෙන් තොරව අවසන්

විශේෂ ඩෙංගු මර්දන සතියක් අද සිට

විශේෂ ඩෙංගු මර්දන සතියක් අදින් ඇරඹෙනනවා. ඒ, අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානම සැලකිල්ලට ගෙන එම අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74 ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ජාතික ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය, අනෙකුත් පාර්ශ්වකරුවන් වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් … විශේෂ ඩෙංගු මර්දන සතියක් අද සිට

බලධාරීන්ගෙන් විසඳුම් නෑ – සංවර්ධන නිලධාරීන් අද වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ බලධාරීන්ට අවස්ථා කිහිපයකදී සිය ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා අවධානය යොමුව නොමැති බැවින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවයි. … බලධාරීන්ගෙන් විසඳුම් නෑ – සංවර්ධන නිලධාරීන් අද වැඩ වර්ජනයක