Nishan Neth News

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් සටන අදින් ඇරඹෙයි – ජයග්‍රහණය ගැන කුසල්ගෙන් දැඩි විශ්වාසයක්

පාකිස්ථානයේ තණකොළ සහිත තණතීරු මත දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා. අද ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ අත්දැකීම් සහ කණ්ඩායමේ සමබරතාව තීරණාත්මක සාධක වනු ඇති බවයි මෙන්ඩිස් පෙන්වා දෙන්නේ. පාකිස්ථානය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර රාවල්පිණ්ඩි හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම … ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් සටන අදින් ඇරඹෙයි – ජයග්‍රහණය ගැන කුසල්ගෙන් දැඩි විශ්වාසයක්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි. අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙම පෙත්සම ඉකුත්දා … සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹෙයි

පැයේ වැස්සට කොළඹ යට කළ අවහිර වූ ස්ථාන 60ක් හඳුනා ගැනේ – පිරිසිදු කිරීමේ මෙහෙයුම් තවදුරටත්

කෙටි කාලයක් තුළ ඇදහැලුණු මහා වැස්සත් සමග ඉකුත්දා කොළඹ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් තවදුරටත් පාර්ශ්ව ගණනාවක් විවිධ අදහස් පළ කරමින් සිටිනවා. මෙම ජලගැලීම පිළිබඳ වාර්තා කරමින් නෙත් නිව්ස් මුල් අවස්ථාවේදීම පෙන්වා දුන්නේ ස්වභාවිකව ජලය බැස යන මාර්ග ගොඩකිරීම, ඇල මාර්ග සහ කානු පද්ධති අවහිරවීම සහ අප ජල ප්‍රවාහන නල නිසි ලෙස නඩත්තු නොකිරීම වැනි … පැයේ වැස්සට කොළඹ යට කළ අවහිර වූ ස්ථාන 60ක් හඳුනා ගැනේ – පිරිසිදු කිරීමේ මෙහෙයුම් තවදුරටත්

නිල්වලා සහ කළු ගංගා අවට පහත්බිම් යටවීමේ අවදානමක්

නිල්වලා සහ කළු ගංගා අවට ඇතැම් පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් කැළණි සහ සෙසු ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ. ”නිල්වලා ගඟ පෝෂිත ප්‍රදේශයට සහ එප්‍රදේශ ආසන්නයේ ලැබුණු වර්ෂාපතනයත් සමග විශේෂයෙන්ම … නිල්වලා සහ කළු ගංගා අවට පහත්බිම් යටවීමේ අවදානමක්

බස්නාහිර ඇතුළු පළාත් හයකට අදත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. ”අද දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි … බස්නාහිර ඇතුළු පළාත් හයකට අදත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 7ක් මරුට – 100කට වැඩි පිරිසකට තුවාල

ඊජිප්තුවේ ගීසා නගරයට ආසන්න ප්‍රදේශයක සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ගීසා සහ කයිරෝ නුවර සිට දකුණු දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඊජිප්තු දුම්රිය බලධාරීන් ප්‍රකාශ කළේ. කයිරෝ සිට අස්වාන් දක්වා ධාවනය වූ දුම්රියක් ධාවන … ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 7ක් මරුට – 100කට වැඩි පිරිසකට තුවාල

රට ගිහින් දිවයිනට ආ සජබ මන්ත්‍රීවරයෙකුගේ ගමන් මලුවල තිබී ඩ්‍රෝන කැමරා 39ක් සොයා ගැනේ

සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී, එහි තිබී තහනම් කරන ලද භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් රේගු … රට ගිහින් දිවයිනට ආ සජබ මන්ත්‍රීවරයෙකුගේ ගමන් මලුවල තිබී ඩ්‍රෝන කැමරා 39ක් සොයා ගැනේ

පොහොට්ටුවෙන් සජිත්ට ලිපියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය පහතින්    

නවගමුව දේවාලයේ බෝ ගසේ අත්තක් කඩා වැටී වාහන තුනකට හානි

නවගමුව සත්පත්තිණි දේවාලය පිටුපස පිහිටි බෝ ගසේ අත්තක් කඩා වැටි වාහන තුනකට හානි සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ පස්වරු 4.30 ට පමණ එම ප්‍රදේශය ආශ්‍රිතව වැසි සමග හටගත් සුළං හේතුවෙන් බෝ ගසේ අත්තක් එලෙස  කඩා වැටී ඇති බවයි. එහිදී වෑන් රථයකට, මෝටර් රථයකට සහ ත්‍රීරෝද රථයකට එලෙස හානි සිදුව තිබෙනවා.