Nishan Neth News

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයට බලපෑම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් බදුලු ඔය රක්ෂිතය ආශ්‍රිත දෙපස පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් විශාල ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. … අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයට බලපෑම්

පුරාවස්තු සොයා කාමරයක කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

මින්නේරිය, පාසියාවැව ප්‍රදේශයේ ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණිම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මින්නේරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරක්ගොඩ, මිනුවන්ගොඩ, උඩුගම්පොල, පන්නල හා කොටදෙනියාව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. අදාළ කැණිම් කටයුතු සදහා ඔවුන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර තිරප්පනේ, … පුරාවස්තු සොයා කාමරයක කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ධීවරයන් පිරිසක් බේරා ගැනේ

මුම්බායි නගරයට කිලෝමීටර් 3,000 කට වඩා ඈතින් පිහිටි අරාබි මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 20 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය නාවික හමුදාව විසින්. පැය 48ක් පුරා පැවති විශේෂ නාවික හමුදා මෙහෙයුමකදි එම ධීවරයන් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වීසා නොමැතිව මෙරට රැදි සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැදි සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදෙස් ජාතිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුකළ වැටලීමකදීයි. චීන ජාතිකයන් 12 ක්, බංග්ලාදේශ ජාතිකයන් 6 ක් සහ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන්ව සිටියදි සොයාගත් හේෂක පුතා බෝට්ටුවේ සිටි ධීවරයන් ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව කියයි

කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටියදී සොයාගත් ‘හේෂක පුතා‘ බෝට්ටුවේ සිටි ධිවරයින් සිව්දෙනා මේ වනවිට ‘සිදුරළ‘ නෞකාව මගින් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා. පසුගිය 21 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් එම ධිවරයින් පිරිස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන්ව තිබුණා. ඒ පිළිබද ධීවර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම් … අතුරුදන්ව සිටියදි සොයාගත් හේෂක පුතා බෝට්ටුවේ සිටි ධීවරයන් ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව කියයි

පැයට කිලෝමීටර් 120ක සුළං සමඟ ‘මුරසු‘ ඉන්දියාවට ඇතුළු වෙයි

‘මුරසු‘ ප්‍රබල සුළි කුණාටුව අද අලුයම එකට පමණ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ ඔංගෝල් ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වීම ආරම්භ වූ බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළි කුණාටුවේ බලපෑමත් සමඟ අදාළ ප්‍රදේශවලට සන්නිවේදන හා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල කරමින් තද වැසි සහ පැයට කිලෝමීටර් 110 ත් 120 ත් අතර ප්‍රබල ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් හටගෙන ඇති … පැයට කිලෝමීටර් 120ක සුළං සමඟ ‘මුරසු‘ ඉන්දියාවට ඇතුළු වෙයි

දැදුරුඔය පිටාර ගැලීම නිසා උතුරු මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය ධාවනය නවතී

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති … දැදුරුඔය පිටාර ගැලීම නිසා උතුරු මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය ධාවනය නවතී

රටක් වෙනස් කළ නෙත් එෆ් එම් අද 22 වන වසරට පා තබයි – කලා තරු සමගින් සැමරුම් වැඩසටහන් දවස පුරා

මෙරට මාධ්‍ය කේෂේත්‍රයේ සුවිශේෂී සළකුණක් තැබූ නෙත් එම් රේඩියෝව අද සිය 22 වන වසරට පා තබනවා. 2005 වසරේ නොවැම්බර් මස 03 වනදා ඇරඹුණු නෙත් රේඩියෝව දැනුම, විනෝදය මෙන්ම තවත් බොහෝ යහපත් දේ තිළිණ කරමින් පැමිණි ගමන් මග මෙරට ජනතාවගේ සිත් තුල සදාතනික මතකයක්. මේ ඒ වෙනුවෙන් නෙත් නිව්ස් සකස් කල විශේෂාංගයක්. සමහර හඬවල් තියෙනවා අපේ … රටක් වෙනස් කළ නෙත් එෆ් එම් අද 22 වන වසරට පා තබයි – කලා තරු සමගින් සැමරුම් වැඩසටහන් දවස පුරා

තායිවාන නැගෙනහිර වෙරළ තීරයේ චීන මුර සංචාර ඉහළට

  තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ගමනාගමනයේ යෙදෙන නෞකාවලට චීන වෙරළාරක්ෂක බලකාය බාධා පමුණුවමින්, පදනම් විරෝධී ලෙස තම බලප්‍රදේශ සීමාවන් පැනවීමට උත්සාහ කරන බව තායිවාන වෙරළාරක්ෂක පාලනාධිකාරිය පවසයි. මෙම තත්ත්වය හමුවේ අදාළ මුහුදු සීමාවල නිරීක්ෂණ කටයුතු සඳහා තායිවාන නෞකා යොදවා ඇති බව ද එහි බලධාරීන් සඳහන් කරයි. පසුගිය ජූනි මාසයේ සිට තායිවානයේ නැගෙනහිර … තායිවාන නැගෙනහිර වෙරළ තීරයේ චීන මුර සංචාර ඉහළට