Nishan Neth News

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විහාර මහාදේවී උද්‍යානයේ උණුසුම් තත්ත්වයක්

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ මහාසංඝරත්නය ඇතුළු පිරිස රැඳී සිටින ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමත් සමගයි. එහිදි විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

බංග්ලාදේශයේ බාලවයස්කාර විවාහ ඉහළට: නීතිමය හිඩැස් වහන්නැයි UNICEF රජයෙන් ඉල්ලයි

  බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් බාලවයස්කාර විවාහයන්ට ගොදුරු වන බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගැහැණු දරුවන් පාසල් අධ්‍යාපනය තුළ තබා ගැනීමටත්, බාලවයස්කාර විවාහ සඳහා මඟපාදන නීතිමය හිඩැස් වහාම වසා දැමීමටත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටියි. The Bangladesh Multiple Indicator Cluster Survey 2025 වාර්තාව … බංග්ලාදේශයේ බාලවයස්කාර විවාහ ඉහළට: නීතිමය හිඩැස් වහන්නැයි UNICEF රජයෙන් ඉල්ලයි

සුන්දර හරිත පරිසරයක… ඔබේ හෙට දවසට ස්ථිර ආරම්භයක්

  මේ THE CINNAMON – බණ්ඩාරගම ගැන…. කොළඹට ආසන්නව, රමණීය වෙල් යායක සුන්දරත්වයත් සමඟ නිදහසේ ජීවත් වෙන්න සිහින දකින ඔබ වෙනුවෙන්මයි සොබාදහමේ නිස්කලංක බව සහිතව මෙම බිම් කොටස් ඉඩමේ සිට බණ්ඩාරගම නගරයට ඇත්තේ කි.මී. 1.7ක් පමණයි. මීටර් 300–350 ක දුරකින් ප්‍රධාන බස් මාර්ගවලට පිවිසිය හැකි වනවා. ඉඩමේ සිට ගැලනිගම අධිවේගී පිවිසුමට ඇත්තේ කි.මී. 2.5ක් පමණයි. … සුන්දර හරිත පරිසරයක… ඔබේ හෙට දවසට ස්ථිර ආරම්භයක්

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට – අද සිට විදුලි කප්පාදුවත් නවතී

නොරොච්චේලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද දහවල් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. ඒ අනුව අද සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා  නෙත් නිවුස් වෙත කියා සිටියා. පසුගිය සෙනසුරාදා ප්‍රධාන පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණා. එහි බලපෑමෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක්ද අක්‍රීය වී තිබුණා. මේ … නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට – අද සිට විදුලි කප්පාදුවත් නවතී

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, පකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදියි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 6 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 32 ක් රැස්කර ගෙන සිටියා.

ඉරානයට එරෙහිව ඇමෙරිකාව හමුදාමය හා මූල්‍යමය වශයෙන් ජයග්‍රහණ ලබමින් සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය හමුදාමය මෙන්ම මූල්‍යමය වශයෙන් ද ඉතා යහපත් මට්ටමක පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. මෙම තත්ත්වය ඉරානයට එරෙහිව සිදු කෙරෙන ”කුඩා ගැටුමක්” පමණක් බවයි ට්‍රම්ප් අවධාරණය කරන්නේ. ඇමෙරිකාවේ භැඅිභ්එසදබ නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. ඉරානය සමඟ සාකච්ඡා කිරීම අතහැර දමා … ඉරානයට එරෙහිව ඇමෙරිකාව හමුදාමය හා මූල්‍යමය වශයෙන් ජයග්‍රහණ ලබමින් සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

කාවන්තිස්සට පිං දෙන්න කස්සප හිමියෝ බණ කියති

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය 7 වන දිනටත් අද පැවැත්වෙනවා. පසුගිය 16 වනදා පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා. එහිදි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සහ සත්‍යග්‍රහයේ නිරතව සිටි භික්‍ෂුන් වහන්සේලා ඇතුළු පිරිස … කාවන්තිස්සට පිං දෙන්න කස්සප හිමියෝ බණ කියති

දැදුරුඔය සහ රාජාංගණ ජලාශ තවමත් වාන් දමයි – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ගංවතුර අවදානමක

ඇදහැළෙන වැසි හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සහ රාජාංගණ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව දැදුරු ඔය ද්‍රොණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය … දැදුරුඔය සහ රාජාංගණ ජලාශ තවමත් වාන් දමයි – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ගංවතුර අවදානමක