ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.

නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලු ආදී ආරක්ෂක අමාත්‍යංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කර තිබුණා.

ඒ අනුව සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.