ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් සඳහා වෙනත් රටවල් සහාය දැක්වීමෙන් ලෝක යුද්ධයක් කරා ගමන් කිරීමට හැකියාව පවතින බව ආර්ථික විද්වතුන් පවසනවා.

එලෙස වෙනත් රටවල් සහාය දැක්වීම හරහා ආර්ථිකයට ද බලපෑම් එල්ල කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධයෙන් ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා අදහස් පළ කළා.

එසේනම්, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නතර කිරීමට වෙනත් රටවල් දායක විය යුත්තේ කෙසේද?