Published
ලබන වසර මුල සිට රටේ කිසිදු ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,500ක් වෙන් කර ඇති බවයි.
රෝහල් පද්ධතියේ හිඟවන ඇතැම් ඖෂධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමට කටයතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බවයි.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ.