ක්‍රීඩාව, ජයග්‍රහණ හා කීර්තිය මෙන්ම ජීවිතයටද එක් කරන්නේ මනා පිටුවහලක්.

ජය පරාජයන් මැද කැපවීම සහ අධිෂ්ඨානය මත ඉදිරියට ඇදී යන ක්‍රීඩාව කලක සිට ගිල ගන්නට වෙර දරන රකුසෙක්, ඒ, තහනම් උත්තේජකයි.

තහනම් උත්තේජක අද ක්‍රීඩාවට පමණක් නොව රටටද දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා.

ඒ, ඇතැම් ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩිකාවන්ද තහනම් උත්තේජකවලට හුරු වීම හේතුවෙන්.

ජයග්‍රහණය සහ කීර්තිය පමණක්ම අරමුණු කරගත් තැන ක්‍රීඩාවේ ජීව ගුණය පසෙකලා තහනම් උත්තේජක අතට ගැනීමට අද වන විට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිය නොවන තත්ත්වයක් මතුව තිබෙනවා.

එය අද ප්‍රධාන ගැටලුවක්.

තහනම් උත්තේජක ශරීරයට කරන හානිය ඔබ දැන සිටියාද? ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අත්‍යවශ්‍යමද?

මේ ඒ පිළිබඳ සොයා බැලීමක්.