පාසල් මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී පාසල් මට්ටමෙන් ක්‍රීඩා ගොඩනැගීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හරහා ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පාසල් අවධියේ ක්‍රීඩාව වෙනුවෙන් කැපවුණු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.