Published
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ ඩීසල් මිල ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නංවන බවයි. ඒ අනුව ඩීසල් ලීටර් එක නව මිල රුපියල් 392ක්.
සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 50 ඉහල නැංවෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 528ක්.
ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 15 කින් ඉහල නැංවෙනු ඇති.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් වනවා.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ භූමිතෙල් මිල සංශෝධනය නොකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.





