ඉරාකයේ බැග්ඩෑඩ්හි සිටින අත්‍යවශ්‍ය නොවන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගෙන් යැපෙන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට අමෙරිකාව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ආරක්ෂක අවදානම ඉහළ යාම හේතුවෙන් බවටයි පැවසෙන්නේ.

දැනටමත් ඔවුන් ඉරාකයෙන් ඉවත් වෙමින් සිටින බව අමෙරිකානු රජයේ ආරංචි මාර්ග පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඉවත් කිරීමට හේතු කුමක් දැයි අනාවරණ කර නැහැ.

එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, අමෙරිකානු හමුදා භටයින් 2,500ක් පමණ ඉරාකයේ සිටිනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹිය හැකි බවට තමා තුළ ඇත්තේ අඩු විශ්වාසයක් බවයි.