Published
පාසල් කාලසීමාව පැය භාගයකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේදී ගුරුවරුන්ගෙන් ප්‍රශ්න මතුවී නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද මේ වන විට ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය මඩකලපුව ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ.
මේ අතර, පාසල් කාලසීමාව පැය භාගයකට දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තුරු විදුහල්පති සංගම් මෙලෙස අදහස් පළ කළා.




