මාස දෙක හමාරකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබුණා නම් ඉන්ධන මිල වැඩි කළේ ඇයි? විපක්ෂයේ බොහෝ දෙනා නගන ප්‍රශ්නය එයයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සඳහන් කළේ මාස දෙක හමාරකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බව පැවසුවේ, සහතික කළ ඇනවුම් පිළිබඳ මිස රට තුළ තිබූ ඉන්ධන තොග පිළිබඳ නොවන බවයි.

ඉරාන – ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම ඉන්ධන මිල වැඩි වීමට හේතු වූ බවයි ඔහු කියා සිටියේ.

මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.

ඒ අනුව ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ලංකා භූමිතෙල් මිල ඉහළ දැමුණා.