ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 09කට ලකුණු 484ක් රැස් කර ගනිමින් ප්‍රබල ස්ථානයක පසු වුණා.

ඒ, නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ සහ මුෂ්ෆිකර් රහීම්ගේ විශිෂ්ඨ පිති හරඹය හේතුවෙන්.

බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් රැස් කළ අතර නායක නජිමුල් ෂැන්ටෝ ලකුණු 148ක් රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු සබඳතාව ලකුණු 264ක්.

ලිටන් ඩාස් දැවී ගියේ ලකුණු 90කටයි.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ තුන්වන දිනය හෙටයි.