ඉකුත් වසරේ නත්තල් දිනයට සමගාමීව රැඳවියන් නිදහස් කිරීමේදී ද අක්‍රමිකතාවක් සිදුව ඇතැයි මේ වන විට අනාවරණ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

ජනාධිපතිවරයාගේ සමාව අවභාවිතයට ලක් කරමින් වරදකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 වනදා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මාධ්‍ය හමුවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තුෂාර උපුල්දෙණිය මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව කටයුතු කරන බවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ද ලබන 13 වන දින දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.