පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අදහස් දැක්වූ ආකාරයයි මේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාද ප්‍රතිචාර දැක්වූ අතර එහිදී සභාවේ මෙවන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.