ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ ඔහුගේ සිරුර කොල්ලුපිටිය පේදිරිස් පෙදෙස ප්‍රදේශයේ නිවසක තිබියදී එලෙස සොයාගත් බවයි.

ප්‍රශ්නගත එයාර් බස් ගණුදෙණුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටියදී යළි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ නියෝගය කළා.