අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රිපාර්ශ්වික හමුවෙන් අනතුරුව ලෝක නායකයින් තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උපායමාර්ගික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බවයි ඔවුන් තිදෙනා පෙන්වා දී ඇත්තේ.

න්‍යෂ්ටික යුද්ධයක් කිසිදා ඇති නොවිය යුතු බවට එහිදී එකඟතාව පළ වී ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ක්‍රියාකාරීත්වය ද මෙම ඒකාබද්ධ නිවේදනය මගින් විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ලෝක බලවතුන් තිදෙනාගේ මෙම හමුව පිළිබද අමෙරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයෙන් විවේචන එල්ල වනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් සහභාගි වූ මෙම හමුව කිසිදු පැහැදිලි න්‍යාය පත්‍රයකින් හෝ ප්‍රායෝගික ප්‍රතිඵලයකින් තොරව, හුදෙක් මාධ්‍ය සංදර්ශන සහ ඡායාරූපවලට පමණක් සීමා වූ එකක් බවයි.

කෙසේවෙතත් ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව පැවති මෙම හමුව, ලෝක බලවතුන් තිදෙනෙකු එකම මේසයකට පැමිණි ඉතිහාසගත අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.