නර්තන ශිල්පියෙකු ත් අඛණ්ඩව පැය 168ක් එනම් දින හතක් නර්තනයේ යෙදුණු පුවතක් නයිජීරියාවෙන් වාර්තා වනවා.

මෙම නර්තන ශිල්පියා මෙලෙස දින හතක් අඛණ්ඩව නර්තනයේ යෙදී ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්.

නෛජීරියානු ජාතිකයකු වන ඔහු මේ වන විට 33 වියේ බෙන්ජ­මින් ඩැනි­යෙල් ගේබ්‍රි­යෙල්.

ඉකුත් සැප්තැ­ම්බර් 22 වැනිදා නයි­ජී­රි­යාවේ ලාගෝස් නුව­රදී ඔහු සිය නර්තනය ආරම්භ කර තිබෙනවා.

විශේෂත්වයක් වන්නේ ලෝක වාර්තාව පිහිටුවීමට අවශ්‍ය කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවත් තවත් පැය 9ක් ඔහු නර්තනයේ යෙදීමයි.

කෙසේ වුවත් නර්තනය අවසන් කරන විට නර්තන ශිල්පී ඩැනි­යෙල් ගේබ්‍රි­යෙල් ශාරි­රී­කව දැඩි වෙහෙ­සට පත්වී සිට තිබෙනවා.

ඒ අනුව වහාම වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා ඔහු රෝහ­ල­ගත කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලෝක වාර්තාව තහවුරු කිරීම සඳහා ඩැනි­යෙල් ගේබ්‍රි­යෙල්ගේ අයැ­දු­ම්ප­ත්‍රය ලැබී ඇති බවයි ගිනස් ලෝක වාර්තා සංවි­ධා­නය ප්‍රකාශ කරන්නේ.

දැන් අවශ්‍ය වන්නේ ඊට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීම බවයි ඔවුන් පැවසුවේ.

එලෙස සාක්ෂිය ඉදිරිපත් කිරීමෙන් පසු ලෝක වාර්තාව වැඩිම කාලයක් අඛණ්ඩව නර්තනයේ යෙදුණු තැනැත්තා ලෙස ලෝක වාර්තාව ඩැනි­යෙල් ගේබ්‍රි­යෙල් ට හිමිවනවා.