Published
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි තවත් තරගයක් ශ්රී ලංකා වේලාවෙන් අද පැවැත්වුණා.
එහිදී තරගවැදුණේ ප්රබල නෙදර්ලන්ත කණ්ඩායම සහ ජපානයයි.
කරට කර සටනකින් පසු තරගය ගෝල 2ට 2ක් ලෙස ලකුණු සමවී අවසන් වුණා.
තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝල ලබාගැනීමට වුණේ නැහැ.
දෙවැනි අර්ධය ආරම්භ වී තරගයේ මිනිත්තු 51ක් වන විනාඩියේදී නෙදර්ලන්තය පළමු ගෝලය ලබාගත්තා.
ඊට විනාඩි 6කට පසුව ජපානය ද ගෝලයක් ලබාගත්තා.
තරගයේ 64 වැනි විනාඩියේදී නෙදර්ලන්තය ඔවුන්ගේ දෙවන ගෝලය ලබාගත්තා.
මේ සමග ගෝල 2ට 1ක් ලෙස තරගයේ පෙරමුණ ගන්න නෙදර්ලන්තය සමත් වුණා.
තරගය නිමා වීමට විනාඩි දෙකක් පමණක් ඉතිරිව තිබියදී ජපානයද තම ගෙවන ගෝලය ලබාගත්තා.
ඒ අනුවයි ගෝල 2ට 2ක් ලෙස තරගය සම තත්වයට පත්වුණේ.
මේ අතර අද පැවති තවත් තරගයකදී ජර්මනියද විශිෂ්ට ජයග්රහණයක් ලබාගත්තා.



