ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව, තමන් සතු කරගැනීමට ඔස්ටේ්රලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අද සමත් වුණා.
ඒ බංග්ලාදේශයට එරෙහිව ඩාවින්හිදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ෂඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගනිමින්.
ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදී ඇති අගෝස්තු 13 එනම් අද දිනයේදීම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු යවන්නා වෙමින් ඔහු මෙම වාර්තාව තමන් සතුකර ගැනීම සුවිශේෂි සිදුවීමක්.
මාදෙල් ස්ටාර්ක් මේ දක්වා ටෙස්ට් තරග 105ක ඉනිම් 202කදී කඩුලු 434ක් දවාගෙන තිබෙනවා.
ඔහු විසින් බිඳහෙලනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු විශිෂ්ටතම දඟපන්දු යවන්නෙකු වූ රංගන හේරත් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.
රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් තරග 93කට සහභාගී වෙමින් ඉනිම් 170 කදී කඩුලු 433ක් දවාගෙන එම වාර්තාව මේ දක්වා තමන් සතුකරගෙන සිටියා.




