ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හි පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමාව දුටුවා.
ඒ, විචිත්‍රවත් සමාප්ති උත්සවයක්ද සමගයි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ඕස්ටේ්රලියාව සමත් වුණා.
රන් පදක්කම් 70 ක්, රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කමක් 56ක් ඇතුළත්ව ඔවුන් දිනාගත් මුළු පදක්කම් ගණන 171 ක්.
එංගලන්තය රන් පදක්කම් 29ක්, රීදි පදක්කම් 45 ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවන තැනට පත් වුණා.
එහි තුන් වන ස්ථානය හිමි වූයේ කැනඩාවටයි.
රන් පදක්කම් 19ක්, රිදි පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් ඔවුන් දිනාගත්තා.
පදක්කම් සටහනේ 4 වන ස්ථානය හිමි වූයේ ඉන්දියාවටයි.
ඔවුන් රන් පදක්කම් 13ක් රීදි පදක්කම් 17 සහ ලෝකඩ පදක්කම් 9ක් දිනාගත්තා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් අතර පදක්කම් සටහනේ ඔවුන්ට හිමි වූයේ 17 වන ස්ථානයයි.
මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2030 වසරේදි ඉන්දියාවේ අහමදාබාද්හිදි පැවැත්වෙනවා.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ධඡය අද අලුයම පැවති සමාප්ති උළෙලේදී ස්කොට්ලන්තය විසින් ඉන්දියාව වෙත නිල වශයෙන් භාර දුන්නා.




