ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, පකිස්තාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 19 කින් ජය ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවි ලකුණු 211 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානයට කඩුළු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රිදී පදක්කම පකිස්තානයට හිමි වුණා.

මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.