ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර පිහිටි ඓතිහාසික ප්ලාකා ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ ගොඩනැගිල්ලේ පිහිටි සංචාරක නිකේතනයක නවාතැන්ගෙන සිටි ඇමෙරිකානු ජාතිකයින් 04 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ එම ගොඩනැගිල්ලේම පදිංචිව සිටි ග්‍රීක ජාතික වයෝවෘද්ධ යුවළක් මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් අදාළ තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අවට ගොඩනැගිලිවලටද දැඩි හානි සිදුව තිබෙනවා.
මළසිරුරු සියල්ල සොයාගෙන ඇති අතර, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට දැනට සැක කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැන්ස් නගරාධිපති හැරිස් දුකාස් සඳහන් කළේ මෙය ඉතා ශෝචනීය සහ අති මහත් විනාශයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රීසි බලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



