යම් යම් කරුණු සම්බන්ධයෙන් මතභේද පැවතියද, දෙරටේම විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණුවලදී ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින්නේ ඉහළ මට්ටමේ පරස්පරතාවක් නොවන බවත්, දැඩි එකඟතාවක් බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඔහු මෙම අදහස් පළ කළේ නවදිල්ලි නුවර පැවැති 'Freedom 250' හමුව අමතමිනි.
ඉන්දු-පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවල හිමිකාරිත්වය හෝ ආධිපත්‍යය කිසිදු රටකට තනිව ලබාගැනීමට ඉඩ නොතබා, එය නිදහස් හා විවෘත කලාපයක් ලෙස පවත්වාගෙන යාම දෙරට අතර ඇති ප්‍රධානතම එකඟතාවක් ලෙස රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.
21 වැනි සියවසේ ලෝක ඉතිහාසයේ ගමන්මග තීරණය කිරීමේ බලය මෙම කලාපය සතු බව ප්‍රකාශ කළ රූබියෝ, ඉන්දියාව යනු බලවත්, ලෝකයට බලපෑම් කළ හැකි මෙන්ම දියුණු රටක් බවත්, අමෙරිකාවට එහි ශක්තිමත් සහකරුවෙක් බවත් අවධාරණය කළේය.
ඊට අමතරව, පුද්ගල ගෞරවය සුරැකීම, ප්රජාතන්ත්රවාදී මූලධර්ම ගරු කිරීම සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වැනි පොදු වටිනාකම් රැසක් මත දෙරටේ සබඳතාව ගොඩනැගී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.




