ත්‍රස්තවාදය රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම "පිළිගත නොහැකි" බවත්, ත්‍රස්තවාදය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේය.
නූතන ලෝකයේ පවතින අන්තර්-සම්බන්ධිත දේශපාලනික සහ ආර්ථික යථාර්ථය පෙන්වා දුන් අමාත්‍යවරයා, ලෝකයේ කොතැනක හෝ සිදුවන යුද්ධයක් සෑම තැනකම පවතින සාමයට තර්ජනයක් බව ද පෙන්වා දුන්නේය.
නවදිල්ලියේ පැවැති Chinmaya Mission හි 75 වැනි සංවත්සර උත්සවය ඇමතූ ජයශංකර්, ඇතැම් රටවල් ත්‍රස්තවාදය හමුවේ ශූන්‍ය සහනශීලීත්වයක් නොපෙන්වීම හේතුවෙන් තවදුරටත් ත්රස්තවාදයට ඉඩහරිමින් සිටින බවට චෝදනා කළේය. කිසිදු රටක නමක් සඳහන් නොකළ අමාත්‍යවරයා, ඇතැම් රටවල් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා වෙනුවට තවදුරටත් දේශපාලනික වාසි සඳහා මුල්තැන දෙමින් කටයුතු කරන බව පැවසීය.
යුක්රේනය සහ බටහිර ආසියාව ඇතුළු ලොව පුරා දැනට පවතින ගැටුම් මධ්‍යයේ සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අමාත්‍ය ජයශංකර්, ලෝකයේ ඕනෑම කොටසක සිදුවන යුද්ධයක් ගෝලීය සාමයට සෘජු තර්ජනයක් වන බව වැඩිදුරටත් සඳහන් කළේය.




