පැහැර ගැනීමට උත්සහ කෙරුණූ ෆ්ලයි ඩුබායි ගුවන් යානය එහි ගමන කරමින් සිටි මගීන් සිය ගණනක් ද සමග දිවි පරදුවට තබා බේරාගත් ඉන්දීය ගුවන් නියමු කැප්ටන් ස්මිට් මච්චාර්ට තවදුරටත් ප්‍රශංසා ලැබෙමින් තිබෙනවා.
ගෞරවනීය අමුත්තකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙස එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඔහුට ඇරයුම් කර ඇති බවයි නවතම විදෙස් වාර්තා පැවසුවේ.
ලබන වසරේ මැයි මස පැවැත්වෙන ඊශ්‍රායල නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසිළුව දැල්වීමේ අවස්ථාව ද මෙම වීර ගුවන් නියමුවාට සහ ඔහුට ගෞරවයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන බව බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියා.
සාමාන්‍යයෙන් ඊශ්‍රායල නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව ලබාදෙන්නේ ඊශ්‍රායල පුරවැසියෙකුට පමණයි.
එසේ තිබියදී මෙවර එම අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ කැප්ටන් ස්මිට් මච්චාර්ට ලබාදෙන්නේ ඔහුගේ සැබෑ වීරත්වය තවදුරයටත් අගය කිරීමට සහ ඒ වීරත්වය වෙනුවෙන් ඊශ්‍රායලයේ කෘතවේදීත්වය දැක්වීමට බවයි බෙන්ජමින් නෙතන්යාහු වැඩ්දුරටත් පැවසුවේ.
කැප්ටන් ස්මිට් මච්චාර්ට මේ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඔහු සමග දුරකතන සංවාදයක යෙදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ගෞරවනීය අමුත්තකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙසත්, ලබන වසරේ මැයි මස පැවැත්වෙන ඊශ්‍රායල නිදහස් දින ජාතික උත්සවයේදී ප්‍රධාන ගිනිසිළුව දැල්වන ලෙසත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කැප්ටන් ස්මිට් මච්චාර්ට ඇරයුම් කර ඇත්තේ ද මෙම දුරකථන සංවාදයේදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.
‘ඔබ ඊශ්‍රායලයේ සහ ඉන්දියාවේ පමණක් නොව ලොවටම වීරයෙක්’යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඔහුට ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර නවතම විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ ඉන්දීය ගුවන් නියමු කැප්ටන් ස්මිට් මච්චාර් තුවාල ලබා ඇත්තේ අත් පොරොවකින් කළ පහරදීමකින් බවයි.
මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක සැලසුමක් බවද විමර්ශන වලදී අනාවරණ වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් ප්‍රකාශ කර තිබෙනවා.
හදිසි පිටවීමකදී හෝ ගින්නක් පාලනය කිරීමේදී දොරටු බිඳ දැමීමේ ආරක්ෂක උපකරණයක් ලෙසයි ගුවන් යානයක නියමු කුටියේ අත් පොරොවක් තබා තිබෙන්නේ.
crash axe ලෙස හදුන්වන මෙම අත් පොරොව ගුවන්යානා සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති එකක්. එය ගුවන් යානයේ ආරක්ෂක උපකරණ ලැයිස්තුවට ද ඇතුළත් වනවා.
මේ අතර පැහැර ගැනීමට උත්සහ කෙරුණු ෆ්ලයි ඩුබයි ගුවන් යානය ඩුබායි සිට් ඊශ්‍රායලයේ ටෙල් අවීවි දක්වාා බලාපියාසර කරමින් තිබූ එකක්.
ගුවන් නියමු කුටියේදී ගුවන් නියමුවාට පහර දී එහි පාලනය අත්පත් කරගැනීමට උත්සහ කළේ යානයේ සහකයක නියමුවායි.
එම අවස්ථාවේදී මිනිත්තු දෙකකටත් අඩු කාලයක් තුල යානය අඩි 17400කටත් වඩා පහතට කඩා වැටි තිබෙනවා.
කෙසේ වෙතත් බරපතර ලෙස තුවාර ලබා සිටියදී පවා කැප්ටන් ස්මිට් මච්චාර් සිහිසුන් වීමට පෙර ගුවනේදී යානයක් පැහැර ගැනීමකට ලක් වූ බවට වන හදිසි සංඥාවද නිකුත් කර තිබුණා.
ඔහු විසින් ගුවන් නියමු කුටියේ දොරද විවෘත කළ බවයි යානයේ සිටි අය පවසන්නේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මගීන් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලය ගුවන් නියමු කුටියට ඇතුලු වී ප්‍රහාරය සිදු කළ සහයක නියමුවා යටත් කරගෙන යානයේ පාලනය නැවත ලබා ගැනීමට සමත් වුණා.
අනතුරුව යානය සෞදි අරාබියේ තබූක් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් කෙරුණු අතර එහි මගින් විශේෂ යානයකින් ගමනාන්තය වෙත පිටත් කර හැරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සැලසුම් කර තිබූ පැහැරගැනීම වැලකී ගියේ මෙම වීර ක්‍රියාව හේතුවෙනුයි.
කැප්ටන් ස්මිට් මච්චාර්ගේ වීරත්වය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදිගේ ද අගය කිරීමට ලක් වුණා.
කැප්ටන් ස්මිට් පෙන්වූ මෙම වීරත්වය පිළිබද මුළු ඉන්දියාවම ආඩම්බර වන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කැප්ටන් ස්මිට් මච්චාර්ගේ සුවදුක් විමසීම සදහා ඩුබායි රාජ්‍යයේ ඔටුන්න හිමි හම්දාන් කුමරුද ඉකුත්දා රෝහලට ගියා.
මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු දැක්වූ ඉහළම මට්ටමේ ධෛර්යය සහ කැපවීම හදවතින්ම අගය කරන බවයි ඩුබායි කුමරු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.



