පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
සත්කාරක එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙහිදී තරග වැදීමට නියමිතයි.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට තරගය ආරම්භ වනවා.
මෙවර මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 16ක් සහභාගි වුණා.
පළමු වටයේ තරග පැවැත්වුණේ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයටයි.
එංගලන්තය එහිදී දෙවන කාණ්ඩයෙන් තරඟ වැදුණු අතර සහභාගි වූ තරග 5ම ජය ගනිමින් ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසුණා.
ඕස්ට්‍රේලියාව තරඟ වැදුනේ පළමු කාණ්ඩයෙන්.
ඔවුන්ද අවසන් පූර්ව වටයට පිවිසියේ සහභාගි වූ තරග 5ම ජය ගනිමින්.
අවසන් පූර්ව තරගවලදී එංගලන්තය දකුණු අප්‍රිකාවත් ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් පරාජය කළා.
ඒ අනුව කණ්ඩායම් දෙකම අද අවසන් මහා තරගයට පිවිසෙන්නේ තරගාවලිය තුළ මෙතෙක් අපරාජිතවයි.
එංගලන්තය මීට පෙර 2009 වසරේදී පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන තිබෙනවා.
ඊට අමතරව 2012, 2014 සහ 2018 යන වසර වලදී ඔවුන් එහි අනුශූරතාව දිනාගත්තා.



