Published
මෙවර පන්දුවාර විස්සයි විස්ස
කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඒ, ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජයට පත් කරමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කළා.
එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගත්තා.
ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ පන්දුවාර 17යි 1 පන්දුවක් අවසානයේ පසුකර යෑමට සමත් වුණ.
ඒ අනුව 7වැනි වරටත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.




