මේ දිනවල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැමෝගෙම අවධානය 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිලිබදවයි. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී සාර්ථකව ආරම්භ වී තිබෙනවා.
ජූලි 23 වනදා සිට අගෝස්තු 02 වනදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 74ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
මෙවර තරගාවලිය ක්‍රීඩා ඉසව් 10ක් යටතේ පැවැත්වෙන අතර, ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණය, ටෝල්ක්රොස් ජාත්‍යන්තර පිහිනුම් තටාකය, ග්ලාස්ගෝ ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ස්කොට්ලන්ත ඉවෙන්ට් කැම්පස් යන ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 04 ආශ්‍රිතව තරග පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මේ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙවර තරගාවලිය සඳහා ද එක්ව සිටිනවා.
මීට පෙර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවලදී මෙන්ම මෙවරද මලල ක්‍රීඩා, බර එසවීම, පිහිනුම් සහ බැඩ්මින්ටන් ඇතුළු ප්‍රධාන ඉසව් රැසකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගැනීමේ බලාපොරොත්තු සහිතව අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වී සිටිනවා.
මේ අතර මෙම ක්‍රීඩා උළෙලේ මීටර් 200 පසුපස ආර කාන්තා පිහිනුම් මූලික වටයේ තරග ඊයේ පැවැත්වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිනාගි රූපසිංහ ඊට සහභාගී වූ අතර ඇය තරගයේ 04 වන ස්ථානය දිනාගත්තා.
ඒ විනාඩි 2යි තත්පර 14යි දශම 14ක දක්ෂතාවක් දක්වමින්.
කෙසේවෙතත් මූලික වටයේ තරඟ 4ක් පැවැත්වුනු අතර මිනාගි රූපසිංහ දැක්වූ දක්ෂතාව අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැහැ.




