Published
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබුවා.
ඒ අනුව නොවැම්බර් 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වුණා.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනිදා පස්වරු 6ට පැවැත් වෙනු ඇති.




