ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වේ 7 වන ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය තත්පර 39යි දශම 8යි 8ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා.

ඒ තත්පර 38යි දශම 1යි 7ක කාලයකින් තරඟය නිමා කරමින්.

රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 38යි දශම 3යි 2ක කාලයකින් තරඟය නිමා කළ චීන තායිපේ කණ්ඩායමයි.

කොරියාව මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඒ තප්පර 38යි දශම 4යි 3ක කාලයකින් තරඟය නිමා කරමින්.

ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා.