ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී පිරිමි පළමු වටයේ තරඟයකදී ශ්‍රී ලංකාව අද ඉන්දුනීසියාව පරාජය කළා.

තරඟයේ අවසන් ප්‍රතිඵලය ගෝල 4ට 3ක්.

පළමු වටයේ ් කාණ්ඩයේ තරඟයක් ලෙස මෙය පැවැත්වුණා.

මේ අතර 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වන රුමේෂ් තරංග අද පස්වරුවේ තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:55 ට ජපානයේ අයිචි නගෝයාහීදී හෙල්ල විසිකිරීමේ අවසාන තරගය පැවැත්වීමට නියමිතයි.