ඉන්දියන් සාගරයේ බන්ඩා අචේ (Banda Aceh) ආසන්නයේ අද (21) පස්වරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදු වුණා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.8ක්.

කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.

​ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ පස්වරු 3.12ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 156ක් ගැඹුරින් හටගත් භූමිකම්පාවේ අපිකේන්ද්‍රය දකුණු අක්ෂාංශ අංශක 8.04ත් නැගෙනහිර දේශාංශ අංශක 127.57ත් අතර ප්‍රදේශයේ පිහිටා ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

​මෙම භූ කම්පන තත්ත්වයෙන් පසුව, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි නිවේදනයක් නිකුත් කළා.

ඒ ඇති වූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවට අවධාරණය කරමින්.