ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම වෙනුවෙන් සංචාරක ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462 ක් රැස් කළා.

ඊයේ දිනයේ තරග නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 460 ක් රැස්කර ගෙන සිටියා.

කෙසේවෙතත් අද දිනයේ ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 2 ක් පමණයි.

දේව්දත් පඩික්කාල් ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා.

කේ එල් රාහුල් ලකුණු 82 ක් ලබා සිටියදි දැවී ගියා.

නායක ශුබ්මන් ගිල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක්, කේසර නුවන්ත කඩුලු 3 ක් සහ අසිත ප්‍රනාන්දු කඩුළු 2 ක් දවා ගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම පෙරවරු 10 වන විට එක් කඩුල්ලක් දැවී කිසිදු ලබා ගැනීමට නොහැකිව සිටියා.

නිශාන් ප්‍රනාන්දු එලෙස දැවී ගියා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.