සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 145ක් රැස් කළා.

එංගලන්ත කණ්ඩායම එම තරගය ජය ගත්තතේ පන්දුවාර 12 යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4 ක් පමණක් දැවි ලකුණු 146 ක් රැස්කරමින්.