බුත්තල, වැල්ලවාය සහ වෙහෙරගල ජලාශවල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වෙහෙරගල ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

එම නිසා වෙහෙරගල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් සහ වාන් දොරටු හතරක් අගල් හය බැගින් විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ජලය මැණික් ගඟට මුදා හැරෙන බැවින් මේ වන විට මැණික් ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යමින් තිබෙනවා.

ඒ අනුව කතරගම පූජා භූමියේ මැණික් ගඟ දෙපස ජනතාව සහ මැණික් ගඟ පහළ කොටසේ ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.