බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම සමත් වුණා.

ඒ, ලකුණු 41කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන්
ශ්‍රී ලංකා ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 303ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 79 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කළා.

කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 304ක ඉලක්කයක් හඹා යාමට පිවිස කෙදෙව් කණ්ඩායමට පන්දුවාර 49 පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී  රැස් කිරීමට හැකි වූයේ ලකුණු 262 ක් පමණයි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් දවා ගත්තා.