ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ පෙරවරුවේ පැවති අවසන් පූර්ව තරගයේදි පකිස්ථානය පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20දී කඩුලු හතරක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 17යි පන්දු 5දී කඩුලු දෙකක් පමණක් දැවී ලකු 178ක් ලබා ගනිමින්.

වේගවත් පිතිහරඹයක යෙදුණු චමරි අතපත්තු පන්දු 50 කදී නොදැවී ලකුණු 83ක් ලබාගත්තා.

ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ඇතුලත්.

හසිනි පෙරේරා පන්දු 26දී ලකුණු 42ක් ලබාගනිමින් ඇයට අනගි සහයක් ලබා දුන්නා.

හසිනිගේ මෙම ඉණිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙනවා.

ඒ අනුව එම තරඟය ජයගන්නා කණ්ඩායම සමග ශ්‍රී ලංකාව රන් පදක්කම වෙනුවෙන් තරඟ වදිනු ඇති.