සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසියා.

ඔවුන් පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 80ක් රැස්කර ගෙන සිටියා.

මෙම තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වෙනවා.

පළමු විස්සයි විස්ස තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.

ඒ අනුව තරගාවලියේ ජය හිමිවන්නේ අද තරගය ජය ගන්නා කණ්ඩායමටයි. දෙපිළ අතර මීට පෙර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තා.