ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීම කාන්තා ඉසව්වට තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ මදුෂානි හේරත්ට එහි දොළොස් වන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවුණා.

ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණු අතර මදුෂානි හෙරත් එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 5යි සෙන්ටිමීටර් 91ක්.

චීන ක්‍රීඩකා හුයැංග් යින්ග්යිංග් (Huang YingYing) මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

ඒ මීටර් 6යි සෙන්ටිමීටර් 55ක දක්ෂතාවක් දක්වමින්.

ඉන්දීය ක්‍රිඩිකා සොජාන් එඩප්පිලි ඇන්සි (Sojan Edappilly Ancy) ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.

ඇය දැක්වූ දක්ෂතාව මීටර් 6යි සෙන්ටිමීටර් 53ක්.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ චීන ක්‍රීඩකා ටැන් මෙන්ගියි (Tan Mengyi) විසින්.

ඇය මීටර් 6යි සෙන්ටිමීටර් 46ක දක්ෂතාවක් දැක්වූවා.