ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ඔහු මේ බව ලිඛිතවද දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

ඊළඟ පරපුර සඳහා අවස්ථාව ලබාදීමේ අදහසින් මෙලෙස නායකත්වයෙන් ඉවත්වන බව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත යැවූ ලිපියෙන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වුණා.

නායකත්වයෙන් ඉවත් වුවද ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් රැදී සිටින බවද මෙම ලිපියෙන් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.