Published
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු නවයේ සිට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්රදේශවලටයි.
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.



